Thursday, July 29, 2010

මම සහ ආදරය

මම එයාට ආදරේ කරන්නේ මගේ පනටත් වැඩියෙන්.. !
එත් එයා එහෙම නැහැ. . .
මම කියන්නේ තමන් . . . ඒ කියන්නේ තමන් ගැනයි හෙමින් හෙමින් හිතෙන්නේ..
ඒ ආදරේ නැති උනොත් දුක හිතෙන්නෙත් තමන් ගැන... එයා ගැන නෙවෙයි. මොකද ඒ තරම් තමන් ආදරේ කරලත් තමන්ට එක නැති උනා කියන දුක.නමුත් මට එහෙම දැනෙන්න විදිහක් නැහැ මම ඇත්තටම ආදරය කරනවනම්..
"එත් එයා එහෙම නැහැ" කියන්නේ,මම තරම් එයා නැහැ කියන එකනේ.
ඒ කියන්නේ මම හිතන්නේ එයා ගැන නෙවෙයි . . මම ගැනයි. මට හම්බ වෙන්නේ නැති ඒක ගැනයි. එහෙම බලනකොට මම ආදරය කරන්නේ මට නේද කියලත් හිතෙනවා.

5 comments:

  1. සිහිමොළෙ තියෙන මිනිහා හැම වෙලේම හිතන්නේ තමා ගැන තමා...ඒක අපේ උපන් හැටි....අපේ හැම සිතිවිල්ලක්ම අපව කේන්ද්‍ර කරල නෙ ඇතිවෙන්නේ...පිළිගන්න කැමති වුනත් නැතත් මිනිස්සු උපතින්ම ආත්මාර්ථකාමී...ඒවුනාට අපි ඒක පිළිගන්න මැලියි....

    ReplyDelete
  2. ඒ උනාට අපේ අම්මා...!
    කවදාවත් කොච්චර බොරු කලත් , ආදරය නොකලත් කවදාවත් එහෙම කියල නැහැ...
    එයා මගෙන් ආදරයක් බලාගෙන මට ආදරේ කලේ නැහැ
    @හෙමලය් - ඔයා කියන්නේ අම්මට සිහිමොළේ නැහැ කියලද ? ( ඔන්න මට තද වෙනවා....)

    ReplyDelete
  3. අප්පෝ තද වෙන්න එපා. හේමළයාට සිහි වෙලා තියෙන්නේ මව් දරු ප්‍රේමයක් නොවෙයි. තව කොච්චර ප්‍රේම තියෙනවාද ලෝකේ. අන්න ඒවැයින් එකක්. අනිත් එක තමයි අපේ අම්මා නම් හේමළයා කියන විදිහේ කියලා මට හිතෙනවා. අපි ගෙදර ගියේ නැත්තම් අඬනවා. ඔය වගේ දේවල් නම් ඕනේ තරම්. අම්මා අපට ගොඩාක් ආදරෙයි. ඒ වගේම අපේ ආදරෙත් එයා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. මම දන්නවා . . දරු සෙනහස කියන ආදරය වෙනත් ආදරයකට සම කරන්න බැහැ කියලා...
    එත් තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය වෙනුවෙන් දිවි පුදපු අය ඕන තරම් ඉන්නවා...
    ආදරවන්තයා/ආදරවන්තිය ගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අයත් ඉන්නවා...පුරාන කාලෙත් ඉදල තියෙනවා

    ReplyDelete
  5. හප්පෝ මේ හප්පත් එක්ක ‍බැහැ. අපි අරක කියද්දි මෙයා මේක කියනවා. අපි මේක කියද්දි මෙයා අරක කියනවා. :d

    ReplyDelete