Thursday, July 29, 2010

කොත්තු දානය

සුප්‍රසිද්ධ හාමුදුරු නමකට දානයක් දෙන්න ලැබුන කෙනෙක් ඔහු ඒ සදහා මාවත් සම්බන්ද කරගත්තේ බොහොම සැදැහැ සිතින්. දානය පිළියෙළ කරන්නේ කොහේදැයි යන ප්‍රශ්නයට ඔහුගේ උත්තරය උනේ.. "කොත්තු කඩයක්.." බව සහ . . දානය චිකන් කොත්තු බවත්ය...
"දැන් චිකන් කන එක පවු නැද්ද...." කියලා අහපු මට හම්බවුනේ තවත් ඒ වගේම උත්තරයක්.. සැදැහැ සිතින් අපි දෙන ඕනෑම දෙයක් පිළිගන්න බවත් . . බුදු හාමුදුරුවෝ ඌරුමස් වලදලා තිබෙන බවත්ය.
සැදැහැ සිතින් අසූචි දුන්නොත් පිළිගනීවිද කියලා අහපු මට. . . උබලව මේකට සම්බන්ද කරගත්ත මට තමයි අසුචි කන්න දෙන්න ඕනේ කියලා දෙහි කපන්න පටන්ගත්ත නිසා අකමැත්තෙන් උනත් කටපියාගෙන වැඩේට සම්බන්ද උනා...
වැඩේ යන අතරේ වයසක උපාසක මහත්මයෙක්ගෙන් මේ ගැන ඇහැව්වේ හාමුදුරුවන් දැකගන්න පොරකන සෙනග කන්දරාව දැකලා හාමුදුරුවන් එක්ක මේ ගැන කතා කරන එක හිතින් අයින් කරපු නිසයි.
අන්තිමට ඒ උපාසක තැන කිව්වේ..අසවල් දේවල් දානයට තිබෙන්න අවශ්‍ය බව නොකියනමුත් සැදැහැ සිතින් දෙන ඕනෑම දෙයක් බාර ගන්න බවත් දානය දෙන ධර්මයෙහි හැසිරෙන අපි එහෙම දේවල් නොදෙන්න වගබලාගන්න අවශ්‍ය බවත්ය.

6 comments:

  1. අන්න සම්පූර්ණ ඇත්ත. මේ සිද්ධියේදි බොහෝ විට වෙන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක්නේ. ඒ සීයා නම් ඇත්තටම බෞද්ධ පිළිවෙත් දන්න කෙනෙක් වගෙයි.

    ReplyDelete
  2. today it has become an usual habit for giving meat for disciples. But it is need to think twice when we give something as dhanaya to bhikku. So we should be wise to choose the suitable things.

    ReplyDelete
  3. ඔය කිව්වට දැන් ඕවා කියලා හරියන්නේ නෑ...ගොඩක් හාමුදුරුවරු දැන් දන් ලැයිස්තුව එවනවලු දානයට ඉස්සරින්.....මම නම් කියන්නේ....දානය දෙන කෙනා තමාට හැකිතරම් හොඳින්නේ එය සකස් කෙරෙන්නේ....නැත්නම් මොකටද දන් දෙන්නේ....අනික දැන් ඉන්න ශ්‍රමණයින් කරන වැඩ දැක්කම දන් දෙන්න හිතෙනවාද....ඊට හොඳයි වැඩිහිටි නිවාසයකට හරි ලමා නිවාසකට හරි යමක් දෙන එක....යමක් අව්ශ්‍ය තැනකට ඕනැනෙව දෙන්නෙ....

    ReplyDelete
  4. වැඩේ ඇත්ත (හාමුදුරුවෝ ගැන ). . ඔය දෙන එකෙන් වෙන්නේ හිතෙන් ලෝභය නැති කරගන්න එකනේ.
    හොරෙකුට උනත් අපිට දන් දීලා ලෝභය නැති කරගන්න පුළුවන්.. ( දවල්ට දානය අරගෙන ගිහිල්ල රාත්‍රියට සෙට් එක එක්කන් එන්නත් පුළුවන් . . ඒවා ඔහෙලා බලාගන්න )

    ReplyDelete
  5. දානයට ඹ්න කෙනෙකුට ඹ්න දෙයක් දෙන්න පුලුවන්.බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා මස් වර්ග 10ක් කන්න එපා කියලා.ඒ කාලෙත් ඉල්ලලා මස් දානයට ඉල්ලපු අවස්ථා තිබුනා.
    දැන් ඉන්න ශ්‍රමණයින් කරන වැඩ දැක්කම දන් දෙන්න හිතෙනවාද..කියලා හිතන්නෙ නැතුව මා මේ දානය දෙන්නේ ආර්ය මහා සංඝරත්නයට කියලා හිතල දන් දුන්නම පින අඩුවක් වෙන්නෑ.

    ReplyDelete
  6. @randil
    @Ruwan
    @හේමලයා
    @Ishanka

    සියලු දෙනාටම ස්තුතියි . . බොහොම පිං..

    ReplyDelete