Sunday, January 30, 2011

මරණ ගෙවල්වල බොන්නේ ඇයි ?

ඉපදීමත් මරණයත් අතර ඇත්තේ සැහෙන ලොකු පරතරයක් උනාට තවත් පැත්තකින් බලනකොට ඉපදීම, මරණය කියන්නේ ලගින්ම තියෙන එලිමට් දෙකක්...
එහෙම බැලුවොත් මරණයයි විවාහයයි අතරත් සම්බන්දයක් ගොඩනගන්නත් පුළුවන්. එහෙම විවාහ වුනු ගොඩක් බිරින්දෑවරු මගුල් ගෙදරක ෂොට් එකක් දෙකක් දාගන්න එක අනුමත කලත් මරණ ගෙදරක බොනඑක   අනුමත කරන්නේ නැහැ.. එත් මගුල් ගෙදර සන්තෝෂයට බොනඑක අනුමත කරනවානම්  මරණ ගෙදර ශෝකයට බොන එකත් අනුමත කරන්න වෙනවා.

ටිකක් පානය කරන කෙනෙක්ට මළගෙයක් කිව්වම ( මරුන එකා ගැන හැගීමක් නැත්තන් ) එකපාරටම ඔලුවට එන්නේ පොඩ්ඩක් බොන්න පුළුවන් කියන එක. අම්මට, වයිෆ්ට... කියන්න හේතුවක් තියෙනවනේ..
"ෆුල් නයිට් එක ගහන්න නම් බොන්නම වෙනවා... රෑට සීතලේ ඉන්න බැහැනේ " එහෙම කියල බොන උදවියත් නැතුව නෙවෙයි.
ගැහැණු උදවිය නම් ඉතින් ඉන්නේ ගෙවල් ඇතුලෙනේ, අපිනේ සීතලේ හට් යට එළියේ ඉන්නේ කියල එතනිනුත් ෂේප් කරගන්නවා.
කොහොම උනත් බේබදුකමට බොනඑක අයින් කලාම ගොඩක් වෙලාවට මරණ ගෙවල්වල බොන්නේ සාමාන්‍යයෙන් පුරුද්දට... කස්ටිය එකතුවෙන නිසයි.
මොකද අපි ජිවත් වෙන විදිහට ලග පාත ඉන්න උන් ඇරෙන්න අනිත් උන් සෙට් වෙන්නේ මගුලකට මරණ ගෙදරක විතරයි. ඉතින් ඔහොම සෙට්වුන වෙලාවක කෝපි කෝප්පයක්, තේ එකක්, කොකාකෝලා එකක් බොන්න බැරි මොකද කියල අහන ( නොබොන )ගෑනු උදවියත්  ඉන්නවා... හැබැයි පුතෝ ඒකට උත්තරේනම් මම දන්නේ නැහැ.
එහෙම බැලුවොත් මරණ ගෙවල් වල බොන්නේ ඇයි කියන ඒකට උත්තරේ හොයන්න කලින් ඇයි බොන්නේ කියන ඒකට උත්තරේ හොයාගන්න වෙනවා.  මරණ ගෙවල්වල බොන්නේ ඇයි ? කියන වස්තු බීජය මගේ ඔලුවට ආව හේතුව පහල තියෙනවා ඔයාලත් දැනගන්න


නිදහසේ හිටපු එකසෙනසුරාදාවක උදෙන්ම අහන්න ලැබුනේ මේ නිවුස් එක.

"මචන් ජනිතගේ තාත්ත නැති වෙලා... රෑ වෙයි බොඩි ඒක ගෙදරට ගේනකොට,  ඒක නිසා උබල ජනිතගේ ගෙදරට ගිහිල්ල එහෙ වැඩ ටික ඉවර කරපල්ලා"

කොහොම හරි කස්ටිය සෙට් වෙලා මරණ ගෙදර යනකොට ගමේ පොරවල් ටික වැඩ ඔක්කොම ඉවර කරලා.. හවස් වෙනකන් පුටු රත් කර කර ඉදල ටවුන් එකට අවේ මොනවා හරි සප්පායම් වෙලා යන්න..  " බොඩි එක ගෙන්න රෑ වෙනවනේ " කියන ප්‍රබල නිදසට කාරනෙත් තියෙන නිසා දෙපාරක් හිතන්නේ නැතුව කස්ටිය සෙට් උනා. වැඩේ ටිකක් දරුණු උනේ ටික ටික කස්ටිය වැඩි උන නිසයි, හේතුව තමයි මරණ ගෙදර බොඩිඑක නැති එක.  වැඩේ යන අතරේ රෑ එකොළහට විතර කෝල් එකක් ආව බොඩි එක ගෙනාව කියල. දඩි බිඩි ගාල ලගින්ම නමල ඉතිරි ටික අකුලාගෙන කස්ටිය මරණ ගෙදරට යනකොට ගෙදරට බොඩි එක ගෙනාව විතරයි.
ගෙදර උදවිය , නෑදෑ හිතවතුන් . .  අඩනවා දොඩනවා අහන් ඉන්න බෑ..( කියන්න දෙයක් නෙවෙයිනේ  ගෙදර කෙනෙක් පෙට්ටියකින් ගෙදර ආවම තියෙන දුක )
අපේ කස්ටිය ඈතට වෙලා අලි රංචුවක් වගේ වැනි වැනි ඉන්නවා උණුසුම ඉවරවෙනකන්. ( ලං වෙන්නත් බැහැනේ ) කොහොම හරි පැයක් දෙකක් යනකනුත් උණුසුම ඉවර උනේ නැහැ. (  පැයකින් දෙකකින් ඒ වගේ දුකක් නැති කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ ) .
ඔය අතරේ සප්පායම් වෙන්න පහු වෙලා ආපු දෙන්නෙක් තුන් දෙනෙක් ලග තිබුන ගෙදරක පිලිකන්නකට සෙට්වුනා අකුලාගෙන ආව ඉතුරු ටික ඉවර කරන්න.. අනිත් ඈයෝ ටික වේයෝ වගේ එක පෝලිමට ( බලන් හිටිය අය තමයි දන්නේ පෝලිමට ගියාද කියල ) ගිහිල්ල ශෝකය ප්‍රකාශ කරලා එහෙම ජනිතත් එක්ක හෙට අනිද්දා වැඩ ගැන සාකච්චා කර කර හිටිය කිසිම දෙයක් නොවිච්ච විදිහට.
එහෙම ඉන්න අතරේ ඉතුරු කරන් ආව එව්වා ඉවර කරන්න ගිය අපේ අයගේ සද්දෙත් එහෙන් මෙහෙන් ඇහුනත් වැඩිය ගණන් ගත්තේ නැහැ.. 
මරණ ගෙදරින් එලියට එනකොටයි දැක්කේ... සද්ද බද්ද නිසා අර ගෙදර පිළිකන්නේ ලයිට් එක ගෙදර කවුරු හරි ඔන් කරලා.. මරණ ගෙදර දොරට ලම්භකව පාරෙන් එහා පැත්තේ හරි කෙලින් තමයි කට්ටිය වටවෙලා සෙට් වෙලා ඉන්නේ. මරණ ගෙදරට පෙන්නේ වේදිකා නාට්ටියක් වගේ..
සෙට් වෙලා ඉන්න එකෙකුටවත් ගානක් නෑ... මගුල් ගෙයක් වගේ අත පය විසි කර කර කතාව...  ජනිතගේ මූණේ තිබුනේ.. දුක,  ශෝකය එකතුවුන තරහක්
" මගේ යාළුවො බොන එවුන් කියල ගමේඋන්ට පෙන්නන්නද මළ ගෙදර අවේ... " කියල අහල ඌ ඇතුලට ගියා. සාකච්චාව එහෙම්ම නැවතුනා.
පහු වෙනිදා ඉරිදා දවසක් නිසා දවස පුරාම කස්ටිය මරණ ගෙදර.. කුඩු වෙච්ච කාඩ් එක හදාගන්න ( කොහොමත් එහෙම තමයි )

8 comments:

  1. හෙහ් හෙහ් විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ කිව්වද ? කවුරුහරි ;)

    ReplyDelete
  2. මළගෙයක් කිව්වම මගේ ඔළුවට එනෙනෙත් බොනවා කියනෑක සමහර වෙලාවට මිනියවත් දැකලා නැහැ මළගෙදර ගියාට. මළගෙයක් ඉවර උනාම පටේ පිටේ තියෙන හිස් බෝතල් වලින් කියන්න පුළුවන් කට්ටිය කොච්චර ආතල් ගන්නවද කියලා :-D

    ReplyDelete
  3. @ජේ.ඩී - කිව්වා.. කිව්වා නොසැහෙන්න කිව්වා
    @ම - බෝතල් වලට වැඩ මුඩී තියෙනවා :D

    ReplyDelete
  4. නිවන් සුව පතමි''''සහ බෝතල් සුව පතමි''''දුක තුනි වෙච්චාවෙ...

    ReplyDelete
  5. pattayi, habayi beela maattu wena eka thama awula

    ReplyDelete
  6. @dinesh බෝතල් සුව පතන නිසා.. අනිවා නිවන් සුව හම්බවෙබව...

    @AmilaArt බිව්වොත් මාට්ටු වෙනවමයි මචෝ... ගද නැති වෙරි නැති එව්වා බිව්වොත්නම් ගොඩ..:D

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හිහි හිහි මරණගෙවල්..අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

    ReplyDelete