Monday, February 7, 2011

බලාගෙනයි මහපාරේ හෙමින් වරෙල්ලා...!

වැස්ස නිසා පාරවල් යටවෙලා. යන්න එන්න විදිහක් නැතුව ගොඩදෙනෙක් අතරමං වෙලා. අතරමං වුනු උදවියට ආධාර දෙන්න ගිය උදවියත් අතරමං වෙලා පාර හොයාගන්න බැරුව.
පාරක් තොටක් හොයාගන්න බැරුව ඉන්නකොට වගේ නෙවෙයි පාර හොදට තියෙනකොට... යන්න පුළුවන් පාගලාම
ඔය පාගලා යන ලොකු ලොකු වාහන එක්ක පොඩි මෝටර් සයිකල් එහෙමත් යනවා. හැබැයි ඉතින් පොඩි වැරද්දක් උනොත්... පොඩි වාහන වලට දෙයියන්ගේම පිහිටයි. මමත් ඉතින් පොඩිපහේ මෝටර් බයිසිකල් කාරයෙක් නේ, මතකයි නේ තැලිලා පොඩිවෙලා යන රයිඩ්එක එහෙම. ඒක නිසා බොහොම අහිංසක විදිහට පාරේ වම් පැත්ත අල්ලාගෙන යනකොට මෙන්න බොලේ මහාතඩි බස් එකක් ඉස්සර කරගෙන තවත් බස් එකක් එනවා පිබගෙන මගේ මුණ ඉස්සරහට. මමත් අතෑරියේ නෑ, ලොකු වාහනකාරයෙක් වගේ ඇගිල්ලක් උස්සල පොඩි සිග්නල් එකක් එහෙම දීගෙන කෙලින්ම ඉස්සරහට ගියා. මගේ සිග්නල් ඒක දැක්ක විතරයි බස් එකේ වේගය තවත් වැඩිවුනා. යන්තන් ලග තිබුන කානුවකට අල්ලලා තමයි බේරුනේ. ඊට පස්සෙත් එහෙම සිද්ධි උනත් සිග්නල් පෙන්නන වැඩේ අත්හැරිය ටිකක් ලොකු වාහනයක් ගන්නකම්.


මේ ගෑනු ළමය ඉරාන ජනාධිපති තුමාට පෙන්වන සිග්නල් එක වගේ එකක් තමයි මහාතඩි බස් එකට පෙන්නුවේ 
       ඔය ටවුන්වල ත්‍රීවීල් නවත්තල තියෙනතැන් වලින් යනකොට මහපාර මැද එකපාරටම රවුමක් කැරකිලා හිටපු තැනටම පාර්ක් කරන ත්‍රීවීල් දැකලඇතිනේ, හරියට අර බල්ලෝ එහෙම ඉන්න තැනින් නැගිටලා රවුමක් කැරකිලා ආපහු නිදාගන්නවා වගේ. දුර ගමන් යන වාහනයක් උනත් නැවතිලා ඉන්න ඕනේ අර ත්‍රීවීල් අයියා රවුම කැරකිලා එනකන්.  ඒ වෙලාවට ලොකු ලේලන්ඩ් බස් වල ඉන්න අයියල බෙල්ල එලියට දාල අමතනවා එහෙමත් දැකල ඇතිනේ. මගේ යාලුවෙක් කියනවා යකඩ පොල්ලක් තියාගෙන වාහනේ  අනිත් පැත්තේ කෙනෙක් ඉන්න ඕනෙලු එහෙම වෙලාවට තට්ටුවක් දාගෙන යන්න.
එකපාරටම පාර හරහට දාන වාහනවලට මමත් මොකක්හරි කියල කෑගහල.. ආපු වේගය තවත් වැඩිකරගෙන යන අවස්ථාත් තියෙනවා, නැවතුනොත් එහෙම කන්න වෙනවා නිල් වෙන්න. කුණුහරුප කියනඑක හොදනැති නිසා " බුරුවා " , " හරකා " වගේ ප්‍රියමනාප වචනයක් කියල වේගය වැඩි කරලා යනවා. ඒක මගේ හිතටත් හොදයි.. ඒ මනුස්සයාටත් හොදයි නේ. එහෙම " බූ...රු.වා " කියල කෑගහපු වෙලාවක යාලුවෙක් ඇහැව්වා ඔයිටවඩා හොදයි නේද " සමනලයා "  කිව්වනම් කියල.
සමහර වාහන දකුනුපැත්තෙන් ඉස්සරකරන්න බැරිවෙලාවට  වම් පැත්තෙන් ඉස්සරකරනවා. වැඩේ වැරදි උනත් ගොඩදෙනෙක් කරනවා.. වැඩිපුරම මෝටර් බයිසිකල් කාරයෝ තමයි. ඒ වගේ වෙලාවට  පෝලිමේ ඉන්න අනිත් වාහන වලින්  "කොහෙද ඕයි යන්නේ.."  කියල අහන එක බොහොම සුලභ දෙයක්. එහෙම අහපු වෙලාවක ලොකු ලේලන්ඩ් බස් ඩයිවර කෙනෙක් ඔලුව දාල කිව්වලු " මීපෙට අයිබෝවන්" කියල. ඒක මීපේ - කොටුව බස් එකක්ලු.
      ලංකාවේ ගාර්මන්ට් ෆැක්ටරි වැඩි වෙන වේගෙත් එක්කම පාරේ යන කන්ටේනර් ලොරි ප්‍රමාණයත් වැඩිවුනා. හදිස්සියකට යන වෙලාවකට ඒ කන්ටේනර් ලොරියක් එහෙම හම්බවුනොත් ආයේ යනවා බොරු. එහෙම පැයගානක් කන්ටේනර් ලොරි පස්සෙන් ඉදලා ඉවසීම සිමාව පැන්න උදවිය ඊට පස්සේ පාරේ යන්නේ යක්කු වගේ. මගේ යාළුවෙක් ඉන්නවා මිනිහනම් නොසෑහෙන්න සතුටු වෙනවා ඔයවගේ කන්ටේනර් ලොරි හම්බවෙනකොට.
"ලංකාව දැන් දියුණුවෙන රටක් , ඒක නිසා තමයි මේ තරම් කන්ටේනර් තියෙන්නේ "  කියල හිතෙනවලු.
පාරේ යනවට වැඩිය ලොකු ප්‍රශ්න තියෙන රටක අපි ඉන්නේ.  ජිවත් වෙන්න කන කට්ටේ හැටියට පාරේ යන්නත් කටුකන්න උනාම කොහොමද ගොඩඑන්නේ. ඒකනිසා කවුරු මොනවා කිව්වත් පාරට යන  වැඩිපුර කාලය  අඩුකරගන්න ක්‍රම හොයාගන්නම වෙනවා.  ලංකාවේ අතුරු මාර්ග දැන් ටික ටික හොද තත්වයට පත්වෙමින් තියෙනවා. ඒවා පාවිච්චි කරනවානම් වැඩේ ටිකක් ගොඩදාගන්න පුළුවන්. දියුණුම තාක්ෂනය නැතිවුනත් දැන් ඉතින් ගුගල් මැප් තියෙන නිසා ඕනේ තරම් පාරවල් හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බත්තරමුල්ලේ ඉන්න කෙනෙක්   වාහන තදබද තියෙන වෙලාවක තමන්ගේ වාහනයකින් නුවර යනවනම් තදබදය මගඇරගන්න මෙන්න අතුරු මාර්ග..

  මහපාරේ කේන්තිය ගෙදර අරන් ගියොත් නැති අවුල් ඇතිවෙන්න පුළුවන්. ඒකනිසා මේ වගේ ක්‍රමයක් භාවිතා කරලා ගෙදර යනකොට සන්තෝෂෙන් යන්න බලන්න.

5 comments:

  1. හපොයි ත්‍රීවීලර් කාරයොන්ගෙන් තමා බේරෙන්න බැරි පාරේ යනකොට..
    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා පොර ත්‍රීවීලර් කාරයොන්ට කියන්නේ කරත්ත කාරයෝ කියලා.... :D
    ඇයි ඉතිං කරත්ත යන්නේ හරක් ට ඕන විදියට නේ... :D

    ReplyDelete
  2. ත්‍රීවීල්, බස් ලොරි තමා හැම වෙලේම ඇඟට එන්නේ. තව හයර් යන වෑන් කාරයොත් බයික් එකක එහෙම ගනන් ගන්නේ නෑ. ඇඟටම එනවා. හොඳ පොස්ට් එකක් මචෝ....

    ReplyDelete
  3. හෙ හේ... කොල්ලන්ට හෙල්මට් නැතුව බයික් එකක යන්න වුණ වෙලාවලට අතුරු පාරවල්නම් ඕන තරම් හොයාගන්න පුළුවන්.

    ReplyDelete
  4. @සෝරෝ - ඇතුවත් බෑ.. නැතුවත් බෑ

    @ඒබී - පළපුරුදු බයික් කාරයෙක් නොවැ... :D

    @hare -ඒවා ඉතින්.. හැකියාවන් නේ.

    ReplyDelete
  5. නියම කතාව අයියා... :)

    ReplyDelete