Monday, August 30, 2010

96 දී අර්ජුන සහ 2011 දී සංගා

1996 ලෝක කුසලානයට කලින් ලංකාව ඕස්ට්‍රේලියව හතුරෙක් කරගත්තා, ඒ බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් කුසලානය ඕස්ට්‍රේලියවට ගිහිල්ල අරන් ආව නිසයි.. ලෝක කුසලාන අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න අර්ජුන සහ පිරිවර සමත් වුනා. .
micromax කුසලානයේදී ලංකාව ඉන්දියාව හතුරෙක් කරගත්තා.. අවසාන තරගයේදී ඒ හතුරව පරාජය කරන්න සංගක්කාර සහ පිරිවර සමත් වුනා...
2011 ලෝක කුසලාන අවසාන තරගයට ඉන්දියාව සහ ලංකාව අවොත් පුදුම වෙන්න දෙයක් නැහැ... ඉතිහාසයේ වුන දේ අනාගතයේදී ආයෙත් සැරයක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.. 1996 ට කලින් අර්ජුනගේ කණ්ඩායමේ තිබුන එකමුතුව, කණ්ඩායම් හැගීම සංගක්කාරගේ කණ්ඩායමේත් තියෙනවා.
දිනපු කප් එකත් අරන් සංගා කෙලින්ම ගියේ රන්දිව් ලගට..
හැමදාම කප් එක ගන්න පොරකන කවුරුත් ඉස්සරහට අවේ නැහැ..
ඒක... දිගටම තිබුනේ රන්දිව් අතේ..
අඩුම තරමේ B 'day BOY වත් ඒක ලගට අවේ නැහැ...
ක්‍රිකට් බෝර්ඩ් එක රන්දිව් ගැන මොනවා කිව්වත් ක්‍රිකට් ගහන අය කියන්නේ මොකද්ද කියල කට්ටියම දැක්කා...
මේ කණ්ඩායම් හැගීම ලෝක කුසලානය දිනන්න ඕනෑවටත් වැඩියි.. ( ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න . . හොරු ටික ,මේක නැති කරන්න මොනවත් නොකෙරුවොත්..! )





නිපන්දු සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් හැගීම ප්‍රබල වුනා.. එහෙම කිව්වේ ජාත්‍යන්තර විස්තර ප්‍රකාශකයෝ..

මේ තරගාවලිය පටන්ගන්න කලින් ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක කිව්වේ ලෝක කුසලානයට පෙර පුහුණුවක් විදිහට මේක පාවිච්චි කරනවා කියල.. දැන් කරන්න තියෙන්නේ මේ හැදුන කණ්ඩායමට අඩු වැඩි ටික හදල දෙන එකයි... මේ කණ්ඩායම හැදෙන්න ප්‍රධාන හේතුව රන්දිව් ගේ නිපන්දුවයි..
ෂෙවාග් ට නිපන්දුවක් දැමීම වෙනුවෙන් රන්දිව් ට දඩ ගෙවන්න සිද්ද වුනා.. රන්දිව් ඒක කලේ ප්‍රතිවාදියාගේ ශතකය අහිමි කරන්න..
පන්දු යවන්නෙක්ගෙන් නිපන්දුවක් යැවීම වෙනුවෙන් දඩ ගත්ත එකම රට ශ්‍රීලංකාව වෙන්න පුළුවන් කියල බොහෝ දෙනා කිව්වා.
දඩය නියම කලේ ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක, ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය අතට අරන් ඉන්න ඉන්දියාව සතුටු කරන්න.
ලෝකයේ හොදම පිතිකරුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔහු මුහුණ දුන් අන්තිම තරගයේදී ඒක ලකුණක් ලබාගත්තනම් ඔහුගේ සාමාන්‍ය 100 ලෙසට සටහන් වෙනවා...
නමුත් මුහුණ දුන්න පළමු පන්දුවෙන් දැවී ගියා. . ඔහුට පන්දු යැවූ ක්‍රීඩකයාට ඒක ලකුණක් ලෙහෙසියෙන්ම දෙන්න තිබුන.. රන්දිව්ට වගේම.
ඔහු කලේ ලෝකයේ හොදම පිතිකරුගේ සාමාන්‍ය 99.9 යෙන් නැවත්වීම..
රන්දිව් කලේ ෂෙවාග් ගේ ඒක ශතකයක් 99 යෙන් නැවත්වීම.. පන්දු යවන්නෙක් ප්‍රතිවාදී ක්‍රීඩකකුට ලකුණු නොදීම සාමාන්‍ය දෙයක්...

8 comments:

  1. මචන් මේකයි කේස් එක.රන්දිව් අපේ එකෙක් ඒක ඇත්ත.ඒත් ඌට ඕක හිතා ගන්ඩ තරම් ඥානයක් තියෙන්න නම් විදිහක් නෑ.ඌ කලේ මොකෙක් හරි සීනියර් එකෙක්ගේ පදයකට නටපු එකක්.නිකමට හිතපන් ඒදා මුරලි 800 ගන්න හදනකොට අන්තිමට ගහපු Indian Batsman ඕනෑ කමින් වෙන එකෙකුට අවුට් වුනානම් මුරලිට මොනවා හිතෙයිද?.අන්න ඒවාගෙ තමා මෙතනත්.මොනවා වුනත් වෙච්චි වැඩේ කැතයි.රන්ඩිව්ගෙන් සහ බෝඩ් එකෙන් යන දෙකෙන්ම.සමාව ගත්තට පස්සෙ වැඩෙ එතැනින් ශේප් කරන්න තිබ්බ.SLC එක යැපෙන්නේ BCCI එකේ සල්ලි වලින්.ඒක තමා ඔය ඔක්කොම නාඩගම් වලට හේතුව.හැබැයි හැමදාම බලලා බලලා එපාවෙලා තිබිච්චි ඉන්දියා ලන්කා මැච් වලට මේ කේස් එකෙන් පොඩි ගතියක් ආවා....:D.

    ReplyDelete
  2. බෝල දෙකකට පස්සේ ඩිල්ෂාන් කිව්වලුනේ නො බෝල් එකක් දාපන් කියල... එක ඇත්ත වෙන්න පුළුවන්, මොකද ලකුණු 6 ක් ගහල මැච් එකයි ශතකයයි දෙකම ගොඩ දාන්න ෂේවාග් හැදුවේ ( ෂේවාග් කියන්නේ ඕන වෙලාවක 6 ක් ගහන්න පුළුවන් එකෙක් තමයි ).. එකටයි අපේ වුන් කැමති නැත්තේ. . . ෂේවාග් twitter එකේ එදා හවසම දාල තිබුන රන්දිව් සමාව ගත්ත කියල.. ඒක තැනින් ඉවර වෙන්න තිබුන දෙයක්..

    ReplyDelete
  3. මෙතැන ඉතිරි සියළුම කතා අවැදගත්ය. මේ සටහනේ සාකච්ඡා කිරීමට ඇති එකම කාරණාව (පහත දක්වා ඇති) අවසාන වාක්‍යයයි.

    පන්දු යවන්නෙක් ප්‍රතිවාදී ක්‍රීඩකකුට ලකුණු නොදීම සාමාන්‍ය දෙයක්...

    ඇත්ත. නමුත් අනෙක් අතට ක්‍රීඩකයකු විහින් පරදින්නට සෙල්ලම් කරන්නේත් නැත. කළ යුතුද නැත. කොයිතරම් මෝඩ දෙයක් සේ පෙනුනද රන්දිව් ක්‍රියා කළ යුතුව තිබුණේ ශෙවාග් (හා ඉන්පසු සියළු ක්‍රීඩකයින්) ලකුණක් ලබා නොදී දවා ගැනීමට ක්‍රීඩා කිරීමයි. රන්දිව්ගේ සටන තිබුණේ ශෙවාග් සමඟ නොව ඉන්දියානු කණ්ඩායම සමඟය.

    ඒ අරුතින් ඔහු කර ඇත්තේ ක්‍රීඩාවට නොහොබින දෙයකි. එහෙත් එය දඩ ගැසීම දක්වා දුර යා යුතුද මම නොදනිමි.

    කුඩා කළ අප ක්‍රිකට් ගසද්දී සිදුවූ සිද්ධියක් මට මතක් වේ. අපේ කණ්ඩායම අනපේක්ෂිත ලෙස අඩු ලකුණු ගණනකට දැවී ගියේය. දිනන්නට බැරි බව දැන අප (කණ්ඩායම් නායකයාගේ අණ අනුව ) කළේ පුළුවන්තරම් ඉක්මණින් තරගය නතර කිරීමට අනෙකුන්ට ලකුණු ගැනීමට පහසු වන සේ ක්‍රීඩා කිරීමය. මෙය බලාපොරොත්තු වූ අනෙක් කණ්ඩායම ඕනෑකමින්ම ලකුණු ගැනීම ප්‍රමාද කරමින් අප මැඬෙව්වෝය. මෙහිදී දෙපිළම ක්‍රියා කළ ආකාරය වැරදිය. මෙවැනි කටයුතු නීති විරෝධී නොවුනත් සාධරණීකරණය කළ නොහැක.

    ReplyDelete
  4. හේමලයා සහ taboosubject ඔබගේ අදහස් ලියුම්කරුට බොහොම වටිනවා...
    ෂෙවාග් කියන්නේ හොදම බෝලයකට උනත් හයක් ගහන්න පුළුවන් කෙනෙක්.. අන්තිම තරගයේදී ඔහුට ෆ්‍රී හිට් දෙකක් සදහා මාලිංගට පන්දු යවන්න උනා.. පලමු එක බවුන්සර් පන්දුවක් , දෙවැනි 150 KM /Hr කට යවන ලද යෝකර් පන්දුවක්.. රන්දිව් ට ලකුණු නොදෙන්න මේ දෙකම කරන්න බැහැ.. ලකුණු 6 ක් නොදී එක ලකුණක් දීලා..වෙලාවේ හැටියට බේරෙන එක ගැන මොකද හිතෙන්නේ . . ?
    බවුන්සර් එක පන්දුවක් යවන එක නීති විරෝදී නැහැ.. නමුත් බේරෙන්න එහෙම කරනවා...

    ReplyDelete
  5. Totally agreed with Shadow and Taboo

    ReplyDelete
  6. දැන් සම්පූර්ණයි... රස පවස නිවී ගියේය... ස්තූතියි...

    ReplyDelete
  7. නියමයි!
    "සියල්ල වන්නේ හොඳටයි" කියන්නේ මේ නිසා වෙන්නැති.

    ReplyDelete
  8. @තිස්ස දොඩන්ගොඩ - පොස්ට් එක ලියන එක ඉක්මන් කලාට තිස්ස අය්යාට බොහෝම ස්තුතියි..
    @gemunu - බලමු 2011 දී
    @randil - Thanks randil

    ReplyDelete