Tuesday, August 17, 2010

කකුලේ අමාරුවකට දුවපු එකෙක්

ඉස්කෝලේ පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..?

එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ.

දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ.
එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්.
පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ..
පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ.
මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද..
කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා..

යාන්තන් එදත් මම බේරුනා...

11 comments:

  1. " කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියා "
    බොරුවේ උපත

    ReplyDelete
  2. නොම්බර එකේ බොරුවක්.

    මේ ඔයාලාගේ ඉස්කෝලේ නාම ලේඛනය හදන්නේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වාර විභාගේ පළවෙනියාගේ ඉඳන් අන්තිමයා වෙනකං පිළිවෙලට කියන්නේ ඇත්තද ආ...........

    (word verification ඉවත් කරනු!!!!!!!!!)

    ReplyDelete
  3. @චැප් - නැහැ එතකොට බොරුවට ටිකක් වයසයි
    @රන්දිල් - ඔය ඉස්කෝලේ ගියේම නැද්ද හැබැට . . අඛරාධි පිළිවෙල කියල එකක් අහල තියෙනවද ... අන්න ඒකට ලිස්ට් එක හදන්නේ..

    ReplyDelete
  4. @රන්දිල් - මොකද්ද මේ ....word verification ඉවත් කරනු!!!!!!!!!

    ReplyDelete
  5. අපෝ...ඔය ඉදිරිපත් කිරීමුයි නම් පිළිවෙලයි නම් මතක් කොරන්න එපා...මටත් වෙලා තියෙනවා ඕකම.....පණ එපා කියලා දුවන්ඩ හිතෙනවා......

    ReplyDelete
  6. @හේමලයා - සහතික ඇත්ත . . .මමත් කවදාවත් ඉදිරිපත් කිරීමක් කරලා නැහැ ( පස්සේ කලෙක පින්තූ sir හම්බවෙනකන් )

    ReplyDelete
  7. Blogger Dash Board - Settings - Comments - Tick NO in Show word verification for comments?

    ReplyDelete
  8. හපොයි ඕක වගේ පවක් නම මම දැකල නෑහ් ස්කෝලෙ කාලේ. අනික තමයි අපේ ස්කොලෙ කොඩිය ඉස්සිල්ල.

    ReplyDelete
  9. පට්ට පට්ට.....
    අපේ එවුන්ටත් පෙන්නන්නම බැරිදේ තමයි ඔය රැස්වීමේ කතාව.අපේ එවුන්ට කීවට මටත් හොදේ....

    ReplyDelete
  10. @පිස්සා පලාමල්ල
    @෴ හසියා ෴
    > ඉස්කෝලේ ආපහු මතක් උනානම් ෆිට් ම තමයි...

    ReplyDelete