Monday, December 6, 2010

සජිත් මන්ත්‍රීතුමා බන්දුල ඇමතිතුමාට කිව්ව් ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා මිනුම

පාසල් වල ගුරුවරුන්ට දවස් 18 ක් පඩි සහිතව නිවාඩු දුන්න ඉන්ටර්නැෂනල් කොම්පියුටර් ඩ්‍රයිවින් ලයිසන් ඒක ගන්න. .
පඩියට අමතරව  රුපියල් හාරදහස් ගානකුත් දුන්න ඉගෙන ගන්නවට.
දවස් 18 ට මොඩියුල් 7 ක් තියෙනවා ICDL වල ඉගෙන ගන්න, වැඩේ ටිකක් අමාරුයි. ටිකක් නෙවෙයි හොදටම අමාරුයි. මොකද එක මොඩියුල් එකකට වැටෙන්නේ දවස් දෙක හමාරයි.
දවස් දෙක හමාර හම්බවෙන්නේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නත් එක්ක.

මෙන්න තිබුන මොඩියුල් හත :

Basic Concepts of IT
Computer and Managing Files
Word Processing
Spreadsheets
Databases
Presentations
Information and Communication

පාඨමාලාව  පැවැත්වුවේ ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක උගන්වන ආයතන. . . ගුරුවරුන් විසි දෙනා බැගින්..
අධ්‍යාපන අමාත්‍යංශයෙන් වැඩේ කරනවට මේ ආයතන වලට ලොකු ගානක් දුන්න. . .
වැඩේට සම්බන්ද ඒ පළාත භාර අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කට රුපියල් විසිදහසකට වැඩි කුට්ටියක් දුන්න ඊලග පාඨමාලාවත් (විසි දෙනාත්) තමන්ගේ ආයතනයට ගන්න පුළුවන් වෙනවා කියල ඒ ආයතන ප්‍රධානීන්ව දැනුවත් කරලා තිබුන.. එත් සමගම ගුවවරු  හැමෝම ඔන්ලයින් විභාගය පාස් වෙන්නත් ඕනේ. . . කියලත් දැනුවත් කරලා තිබුන.

පරිගණකයක් දැකලවත් නොතිබුන සමහර ගුරුවරු දවස් 18 ට ඉගෙනගෙන ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියල ICDL සහතික පත්‍ර ලාභින් වුනා.
වැඩේ ජයටම කෙරුණේය. . . 
හැමෝම පාස් වුනේය..
රුපියල් කෝටි ගණනක් වැය කරපු එම ව්‍යාපෘති යේ ඵල ප්‍රයෝජන අද එම ගුරුභවතුන්ගෙන් ශ්‍රී ලාංකීය සිසු දැරියන් ලබනවා ඇති.

සජිත් මන්ත්‍රීතුමා බන්දුල ඇමතිතුමාට ඊයේ පෙරේද කිව්වේ ශ්‍රී ලංකාවේ මෙන්න මේ පරිගණක සාක්ෂරතාව ගැනය..

සජිත් මන්ත්‍රීතුමා සහ බන්දුල ඇමතිතුමාගේ කතාව මෙතනින්

8 comments:

  1. මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මිතුරේ...

    ReplyDelete
  2. මං දන්න ගුරුවරු කිහිප දෙනෙකුත් ඔය කියන පාඨමාලව මීට කලින් කලා.... හැබැයි එයාලට ඉදිරිපත් කිරිමක් තිබුණා .... ඒක නම් කරගත්තේ ... සල්ලි දිලා අවුට් සෝස් කරලාලු :D


    කොහොම හරි ටිකෙන් ටික හරි වෙනවා නම් හොදයි

    ReplyDelete
  3. සහතිකේ බල්ලට දාන්න ඒත් මේ දවස් 18 තුල කොම්පියුටරයක් අතවත් තියපු නැති ගුරුවරුන්ට ටිකක් හරි කොම්පියුටරයෙන් වැඩක් ගන්න දැනුමක් නොලැබෙනව කියනවනම් ඒක මෝඩ කථාවක් මෙලෝ හත්තිලව්වක් නැති අයට මොකක් හරි ලැබෙනවනේ ඒ සල්ලි පිල්ලි ගහන එක නැති තැනක් මේ ලංකාවෙ කොහේද තියෙන්නෙ? ඒ නිසා මම හිතන්නෙ

    ReplyDelete
  4. මොනාද මේ කතා
    සහතිකේ වගේද නේද දවස් දහ අටජක් කොම්පූටරේ අල්ලන්න දෙන්න රුපියල් කෝටි ගානක් වියදම් කෙරුව එක නේද.
    අනේ අම්මපා...
    මේ සල්ලි වලට මුන් 10 දෙනාට එක ගානෙ කොම්පූටර් අරං දුන්න නම් ඔයිට වඩා හොඳ නැද්ද.
    සහතිකේ කෙසේ වෙතත් එතකොට උන් ඕක ඔන් කරන්න වත් ඉගෙන ගනී....
    ලන්කාවේ පොලිටික්ස් කරන උන්ට නම් යන්ට අපායවල් නෑ ඕනං

    ReplyDelete
  5. සජිත් ඇමතිතුමා???? සජිත් මන්ත්‍රිතුමා වෙන්න ඕන නේද?

    ReplyDelete
  6. @යුත්මැක්ස් - තැන්කු මචෝ. . . නිවැරදි කලා

    ReplyDelete
  7. කවුරු හරි කියනව නම් දින 18කදි කොම්පියුටර් උගන්වන්න බහැයි කියල ඒක වැරදියි මොකද දින 18 කියන්නෙ දවසකට පැය 8 ගානෙ. එතකොට පැය ගැන බැලුවොත් 144 ක් හැබැයි ඔය ඩිප්ලෝමා කියල මාස 6න් උගන්වන ඒව සතියට පැය 4 මාසෙට පැය 16 එතකොට මාස 6ට 96 ඕනනම් පැය 8ක් සතියට කළොත් මාසෙට 24 මාස 5ට 144 පැය ගාන නම් ඔය කොයි එකෙත් සමානයි ඒත් ප්‍රශ්නය තියෙන්නෙ මේක කඩිනම් පාඨමාලාවක් වීමයි ඒකෙන් ගුරුවරුන්ට දරාගැනීමේ ශක්තිය මදක් අඩු වෙනව...වෙනස එච්චරයි මොකද මමත් මේ අයි සී ඩී එල් පාඨමාලාව මෙහෙයවන කෙනෙක් නිසා මේ ගැන හොඳට දන්නව ...මම ඕන පුංචි මහත්තයෙකුට පුංචි නෝන කෙනෙක්ට දින 18න් කොම්පියුටර් උගන්වලා පෙන්නනවා ඔය ඩිප්ලෝමා එකකට වඩා හෙිඳ මට්ටමකට. මෙම පාඨමාලාව අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි කොම්පියුටර් දැනුම නැති මිනිස්සු පාඨමාලාව මෙහෙයවීම ඒ වගෙග්ම සුදුසුකම් නොලත් ආයතන වලට මෙම පාඨමාලාව ලබාදීම..

    ReplyDelete
  8. දේශපාළුතුමන්ලා හොට දැමුවහොත් අමෘතය වුවද තිත්ත රස වනු ඇත.... :)

    ReplyDelete